මාධ්‍ය සාක්ෂරතාව යන්න බොහෝ විට අර්ථවත් කරනුයේ විවිධ ස්වරූපවලින් තොරතුරු ග්‍රහණයට, අවබෝධයට, විශ්ලේෂණයට, ඇගයුමට, නිර්මාණයට හා සන්නිවේදනයට ඇති හැකියාවයි.ඒ අනුව පුද්ගලයකු තොරතුරු ලබා ගන්නකු,නිර්මාණකරුවකු හා බෙදා හරින්නකු බවව පත් වේ.ඒ සදහා වූ සන්නිවේදන කුසලතා එක් ක්ෂේත්රයකට පමණක් සම්බන්ධ නොවේ. මාධ්‍ය සාක්ෂරතාව තුළ දැකිය හැකි නිපුණතා කිහිපයක් හදුනා ගත හැකිය. පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට මාධ්‍ය තාක්ෂණය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීම. විවිධ මාධ්‍යයන්ගෙන් ලැබෙන සංදේශ අන්තර්ගතයන් තක්සේරු කර ගැනීමට හැකිවීම. මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි වීම. මාධ්‍යය මගින් සංදේශ ගෙන යාමට ගන්නා තාක්ෂණය හා එයට අදාල ක්‍රමවේද දැන ගත හැකි වීම. අදහස්,තොරතුරු හා මතයන් නිර්මාණශීලිව ප්‍රකාශ කිරීම. ආක්‍රමණශීලි,අනාරාධිත හා...
Comments
Post a Comment