මාධ්‍ය සාක්ෂරතාවයෙහි ප්‍රධාන නිපුණතා



                      මාධ්‍ය සාක්ෂරතාව යන්න බොහෝ විට අර්ථවත් කරනුයේ විවිධ ස්වරූපවලින් තොරතුරු ග්‍රහණයට, අවබෝධයට, විශ්ලේෂණයට, ඇගයුමට, නිර්මාණයට හා සන්නිවේදනයට ඇති හැකියාවයි.ඒ අනුව පුද්ගලයකු තොරතුරු ලබා ගන්නකු,නිර්මාණකරුවකු හා බෙදා හරින්නකු බවව පත් වේ.ඒ සදහා වූ සන්නිවේදන කුසලතා එක් ක්ෂේත්‍රයකට පමණක් සම්බන්ධ නොවේ.

                     මාධ්‍ය සාක්ෂරතාව තුළ දැකිය හැකි නිපුණතා කිහිපයක් හදුනා ගත හැකිය.

  •  පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට මාධ්‍ය තාක්ෂණය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීම.
  •  විවිධ මාධ්‍යයන්ගෙන් ලැබෙන සංදේශ අන්තර්ගතයන් තක්සේරු කර ගැනීමට හැකිවීම.
  • මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි වීම.
  • මාධ්‍යය මගින් සංදේශ ගෙන යාමට ගන්නා තාක්ෂණය හා එයට අදාල ක්‍රම‍වේද දැන ගත හැකි වීම.
  • අදහස්,තොරතුරු හා මතයන් නිර්මාණශීලිව ප්‍රකාශ කිරීම.
  • ආක්‍රමණශීලි,අනාරාධිත හා හිංසාකාරි ලෙස කටයුතු කරන මාධ්‍ය අන්තර්ගතයන් බැහැර කිරීමට හා ඒවාට අභියෝග කිරීමේ හැකියාව පැවතීම.
  • මහජන වගකීිම හා ප්‍රජාතන්ත්‍රවාදීව මාධ්‍යය භාවිතා කිරීමට හැකි වීම.                                                                                                                                                                                                                                                                                                          
                                   මාධ්‍ය  සාක්ෂරතාව යනු මාධ්‍ය ඵලදායි ලෙස හා ආරක්ෂිතව භාවිතා කිරීම සදහා ග්‍රාහකයන්ට කුසලතා,දැනුම හා අවබෝධය ලබා දීමක් වන බවයි.මාධ්‍ය සාක්ෂරතාවෙන් යුක්ත පුද්ගලයින්ට ආරක්ෂිතව තමන්ගේ කටයුතු කරන්නට අවකාශය සැලසේ.ඒ මගින් තමන්ට හානිකර වුූ අවැඩදායක දේ බැහැර කරන්නට හෝ පෙරා ගන්නට හෝ ඔවුන්ට හැකියාව ලැබේ.මාධ්‍ය සාක්ෂරතාව පුද්ගල නිපුණතාවක් වේ.

                                 මාධ්‍ය සාක්ෂරතාව තුළ ප්‍රධාන සංකල්ප හතරක් දැක්විය හැක.එනම් ,

  1. මාධ්‍ය සංදේශ නිර්මාණය කරනු ලැබූ දෙයක් වීම.
  2. මාධ්‍ය සංදේශ අර්ථ ගැන්වීම පුද්ගලයා මත රදා පවතින දෙයක් වීම.
  3. මාධ්‍ය සංදේශ ව්‍යාපාරික කර්මාන්තයක් වශයෙන් ගොඩ නැගීම.
  4.  මාධ්‍යය විසින් ඉදිරිපත් කරන සංදේශ මතවාදවලට යොමු කිරීම.                                                                                                                                                                                                                                          මේ අනුව මාධ්‍ය සාක්ෂරතාව පුළුල් පරාසයක් තුළ පැතිර යයි.එසේම මාධ්‍ය සාක්ෂරතාව පුද්ගලයාගේ අවශ්‍යතාවය මත ගොඩ නැගෙන්නක් බව දැකිය හැකිය.                                                                  

Comments

Popular posts from this blog

මාධ්‍ය සාක්ෂරතාව

කැනඩා මාධ්‍ය සාක්ෂරතා සති්‍ය