කැනඩා මාධ්‍ය සාක්ෂරතා සති්‍ය
මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රවර්ධනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක රටක් ලෙස කැනඩාව හැදින්විය හැකිය.මාධ්‍ය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ඉහළම පහසුකම් භුක්ති විදින රටක් වශයෙන් කැනඩාව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබද විමසීම අප වැනි රටවලට අතිශය වැදගත්ය.
කැනඩා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන 2006 දී ආරම්භ වූයේ කැනඩා මාධ්‍ය අධ්‍යාපන සතිය (Canada Media Education Week) යන නාමය යටතේය.එය නොවැම්බර් මස පළමු සදුදායින් ආරම්භ වන සතිය තුළ ක්‍රියාත්මක වේ.මේ මගින්තරුණ පිරිස සදහා වු අධ්‍යාපනයේ ප්‍රධාන අංගයක් ලෙස මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනු ලැබිණ.එසේම කැනේඩියානු ගෘහයන්හි, පාසල්වල හා සමාජයේ කාර්යයන් සමග මාධ්‍ය සාක්ෂරතාව ඒකාබද්ධ කිරීමට දිරි ගැන්වීම ද මෙහි එක් පරමාර්ථයක් විය.
විශේෂයෙන්ම ළමයින්ගේ හා යෞවනයන්ගේ ලෝකය තුළ මාධ්‍ය යන්න ඉතා බලවත් කාරකයක් බවට පත් වී ඇති බව කැනඩා සමාජය විිසින් පිළිගනු ලැබේ.ඔවුන් විසින් මාධ්‍ය සමග පවත්වා ගෙන යන ගනුදෙනුව ඉතා විවෘත හා නිදහස් එකක් බවට පත් වී ඇත.ඒ සදහා නිසි මග පෙන්වීමක් හෝ උපදේශයක් නොමැති වීම නිසා මාධ්‍ය භාවිතය තරුණ හා ළමා පරපුරට යම් ආකාරයක අභියෝගයක් බවට පත් වී තිබේ.මාධ්‍ය සාක්ෂරතා වැඩසටහනින් උත්සාහ කරනුයේ තරුණ හා ළමා පිරිස විසින් මාධ්‍ය සමග කෙරෙන ගනුදෙනුව පාලනය කිරීමට නොව එයට අවශ්‍ය නිසි මග පෙන්වීම හා උපදේශ ලබා දීමයි.
වර්තමාන මාධ්‍ය පරිසරය තුළ මාධ්‍ය සාක්ෂරතාව අත්පත් කර ගැනීම සදහා මාධ්‍ය පිළිබද තම දැනුමද, එයට අයත් සාරධර්මද,විචාරාත්මක චින්තනයද,සන්නිවේදන හා තොරතුරු කළමණාකරණ කුසලතාද,මාධ්‍ය අධ්‍යාපනයද අත්‍යවශ්‍ය වී තිබේ.
කැනඩා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහනෙහි උපදේශක කොමිටියේ සාමාජිකයන් ලෙස කටයුතු කරනුයේ පෙර Media Awareness Network නමින් හදුන්වනු ලැබූ දැනට mediasmart නමින් හදුන්වන සංවිධානයත්,කැනඩා ගුරු සංගමයත් (Canada Teachers Federation)ය.මේ හැර මෙම සතිය තුළ කෙරෙන කාර්යයන් සදහා ගුරුවරුන් හා මාධ්‍ය අධ්‍යාපන සංවිධාන,ප්‍රජා කණ්ඩායම්, මාධ්‍ය අධ්‍යාපනය සදහා වූ විවිධ සම්පත් පුළුල් ලෙස සංවර්ධනය හා ප්‍රවර්ධනය කරනු ලැබේ.එසේම මෙම මාධ්‍ය සාක්ෂරතා සතිය වැඩසටහනට සම්බන්ධ වන වෘත්තිකයන් සංවර්ධනය කිරීමද මෙම කාර්යයන්ට අයත්ය.
වර්ෂයෙන් වර්ෂය නව තේමාවන් තෝරා ගැනීම කැනඩා මාධ්‍ය සාක්ෂරතා සතිය වැඩසටහනේ විශේෂත්වයකි.
2006 මාධ්‍යය තුළින් ලබා ගන්නේ කුමක්ද?
2007 අන්තර්ජාල දෙමාපිය සහභාගිත්වය
2008 විවේචනාත්මකව සිතීම
2009 ඩිජිටල් යුගයේ ප්‍රවෘත්තිකරණය
2010 පන්ති කාමරය තුළ තාක්ෂණය
2011 ඩිජිටල් පුරවැසිභාවය
2012 මාධ්‍ය හා පෞද්ගලිකත්වය
2013 අලෙවි පණිවුඩ පිළිබද සංවේදිතාව
2014 තාරුණ්‍යය හා සමාජජාල
කැනඩා මාධ්‍ය සාක්ෂරතා සතිය වැඩසටහනට උපදේශකත්වය සපයන mediasmart සංවිධානය ලාභ අපේක්ෂාවෙන් තොරව පවත්වා ගෙන යන අතර ගෘහය,පාසල හා සමාජය ඉලක්ක කර ගත් මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත.
මාධ්‍ය යනු ගොඩනැගීමක් බවත් එය තේරුම් ගැනීමෙන් තොරව මාධ්‍ය සමග කෙරෙන ගනුදෙනුව නිසියාකාරව කළ නොහැකි බවත් මාධ්‍ය සාක්ෂරතා සතිය වැඩසටහන පුරා දැක්වෙන දර්ශනයයි.
කැනඩා මාධ්‍ය සාක්ෂරතා සතිය වැඩසටහන සදහා අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේද සහයෝගය ලැබේ.ඒ නිසා මෙය පාසල් මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කරන්නට අවකාශය ලැබී ඇත.එපමණක් නොව පුළුල් ජනතා සහභාගිත්වයක්ද ලබා ගැනීම නිසා මෙම වැඩසටහන ඉතා සක්‍රීය තත්වයට පත් වී තිබේ.
පාසල් හා සමාජ කණ්ඩායම් ඉලක්ක කර ගත් විවිධ ක්‍රියාකාරකම් වර්ෂයෙන් වර්ෂය වැඩිදියුණු කර ගනිමින් පවත්වන්නට මෙහි සංවිධායකයන්ට හැකි වී තිබේ.එවැනි වැඩසටහන් කිහිපයකි.
- විවිධ වැඩමුළු
- තොරතුරු සන්ධ්‍යාව
- විවිධ සාකච්ඡා මණ්ඩප
- වෙබ් අඩවි නිර්මාණය
- අන්තර්ජාල විවාද
- විවිධ තරග
- නිර්මාණාත්මක වැඩසටහන්
- වෘත්තිය සංවර්ධනාත්මක වැඩසටහන්
මාධ්‍ය සාක්ෂරතා වැඩසටහනක් යනු කිසියම් දේශනයක් හෝ සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම නොවන බව අවබෝධ කර ගැනීම මින් ලැබෙන පළමු ප්‍රයෝජනයයි.එසේම මෙමගින් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන සාවද්‍ය වැඩසටහන් වල යථාර්ථය අවබෝධ කර ගැනීමට අවකාශය ලැබේ.එනම් ශ්‍රී ලංකාවට උචිත මාධ්‍ය සාක්ෂරතා වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කළ හැකිය...... .
Comments
Post a Comment